
(ටී.කේ.ජී.කපිල)
අප්‍රිකානු කැළෑ බළළෙකු ( African Serval Cat ) නිසි අවසරයකින් තොරව රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ .
සයිටෙස් ( S.I.T.E.S.) සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බළළා , ශ්‍රී ලංකාවේ " හදුන් දිවියාට " සමානකම් දක්වයි .
යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම කැළෑ බළළ් විශේෂය සුරතලයට ඇති කරන අතර ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීහු පවසති .
මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම අප්‍රිකානු කැළෑ බළළා මෙරටට රැගෙන විත් ඇත.

