කහ සහ සිගරැට් තොගයක් මහබාගෙන් අල්ලයි


(ලාල් එස් කුමාර)

තීර බදු නොගෙවා ආනයනය කළ කහ කිලෝ 12250ක් සහ විදේශීය දුම්වැටි 280000ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි.

පෑලියගොඩ සිට මහබාගේ මන්සන්ධිය අසල කඩ කාමරයකට බාමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කහ සහ සිගරැට් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා කහ සහ සිගරැට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.