කහ කිලෝ 1200ක් ගණේමුල්ලෙන් අල්ලයි


(නිමන්ති රණසිංහ)

නිතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග‍්‍රෑම් 1200ක් ගනේමුල්ල දකුණු ගලහිටියාව ප‍්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කහ තොගය සමග ගම්පහ බැලූම්මහර ප‍්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණයකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ අදාළ කහ තොගය ගනේමුල්ල පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.