(ටෝනි කරුණානායක)
ගම්පහ නගරයේ කසිප්පු අලෙවි කළ අයකුට බරපතළ වැඩ සහිතව මාස අටක සිර දඬුවමක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා නියම කළේය .
ගම්පහ ඔරුතොට පාරේ පදිංචි චන්දන සිසිර කුමාර නමැති විත්තිකරුව කසිප්පු මිලි ලීටර් 3750 ක් සමග ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බිනර රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට 14 වෙනිදා ඉදිරිපත් කර තිබුණි .
විත්තිකරුට 2019 වර්ෂයේදී කසිප්පු විකිණීමේ චෝදනාවන්ට 06 වතාවක් අධිකරණයෙන් දඩ නියම වී ඇති අතර 2021 වර්ෂයේදී තුන්වතාවක් අධිකරණයෙන් දඩ නියම වී ඇති බව ද පැමිණිල්ල මෙහෙයවමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසූ අතර සමාජයට හානිකරන අන්දමින් කටයුතු කරන විත්තිකරුට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙස අධිකරණයෙන් අයැද සිටියේය .
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.

