(ටෙලිග්‍රාෆ් වෙඩි අඩවිය ඇසුරිනි)
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර්වල මිනිස් සිරුරු කොටස් ඇති බවට ශ්‍රී ලංකා බලධාරීන් අනුමාන කිරීම සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට බි්‍රතාන්‍යය රජය සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
කසළ කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සූදානම් වන්නේ බි්‍රතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හෙවත් ‘ඩෙෆ්රා’ මැදිහත් වීමෙනි.
කෙසේවෙනත් මෙම කාරණාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් නිල වශයෙන් ඉල්ලීමක් ලැබී නැති බව ද ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පවසා ඇත.
මීට දෙවසරකට පෙර සිට කොළඹ වරායට ගෙන්වන ලද මෙම කන්ටේනර් තොගයේ ඇති කන්ටේනර් 111ක් පිළිබඳව වරාය බලධාරීන්ගේ අවධානයට යොමු වූයේ ඒවායින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් නිසා යැයි ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙඩි අඩවිය කියයි.
එම කන්ටේනර්වල පාවිච්චි කළ මෙට්ට අඩංගු බව පවසා ඇති නමුත්, එම මෙට්ට අතර රෝහල් අපද්‍රව්‍ය සහ විස ප්ලාස්ටික් කොටස් පමණක් නොව මිනිස් සිරුරු කොටස් ද සඟවා ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් පවසා ඇතැයි ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පැහැදිලි කරයි.
බි්‍රතාන්‍යයේ රෝහල්වල අපද්‍රව්‍ය බැහැර කිරීම පසුගිය වසර පුරාවට විශාල ගැටලුවක් වූ හෙයින්, ශ්‍රී ලංකාවට යවා ඇති කසළ කන්ටේනර් තොගයේ මිනිස් සිරුරු කොටස් තිබෙන බව තහවුරු වුවහොත් ඒවා බි්‍රතාන්‍යයේ රජයේ රෝහල්වලින් බැහැර කෙරුණු අපද්‍රව්‍ය වනු ඇතැයි ‘ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය පවසයි.
නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම්වලට අප විරුද්ධ වෙනවා. එසේ නීති විරෝධි ආකාරයට කසළ බැහැර කළ පුද්ගලයන් සහ සමාගම් සිටී නම්, ඔවුන්ට සිර දඬුවම් ලබාදීමටත්, සීමා රහිත දඩ මුදල් පැනවීමටත් වහා පියවර ගන්නවා යැයි ‘ඩෙෆ්රා’ අමාත්‍යාංශය පවසා තිබේ.
මීට වසරකට පෙර බි්‍රතාන්‍යයේ රජයේ රෝහල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම බාර දී තිබුණේ ‘හෙල්ත්කෙයා එන්වයර්න්මන්ට් සර්විසස්’ නමැති පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකටය.
රෝහල් 50කට වැඩි ප්‍රමාණයකින් පමණ බැහැර කළ අපද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස්, දියර ආදිය ක්‍රමවත්ව බැහැර නොකර ගොඩගසා ගැනීම හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ එම සමාගමෙන් සේවා ලබා ගැනීම නවතා දැමුණු අතර බි්‍රතාන්‍ය රජය එම සමාගම සමග ඇති කර ගත් ගිවිසුම් ද අවලංගු කෙරුණි.
පසුගිය වසරේ සැප්තැම්බරය වනවිට නියමිත ප්‍රමාණය වන ටොන් 70ට වඩා පස් ගුණයකින් එනම් ටොන් 350කින් කසළ එක් රැස් වූ අතර ඒවායින් බොහොමයක් ශීතකරණවල ගබඩා කිරීමට සමාගම කටයුතු කළ අතර මෙය දැඩි දෝෂ දර්ශනයට හේතුවක් විය.
‘හෙල්ත්කෙයා එන්වයර්න්මන්ට් සර්විසස්’ සමාගමේ හිටපු ප්‍රධානී ගැරී පැටිග්‍රෝව් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ තම සමාගම ශ්‍රී ලංකාව සමග ගනුදෙනුවක් නොකළ බවත්, බි්‍රතාන්‍ය රජයේ රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය විදේශවලට නැව්ගත කිරීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොකළ බවත්ය.
නීති විරෝධී ආකාරයට බි්‍රතාන්‍යයේ කසළ බැහැර කිරීම හේතුවෙන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී අර්බුද නිර්මාණය වී තිබිණි.
පෝලන්ත සමාගමක් එරට ඉඩමක් ගොඩ කිරීම සඳහා බි්‍රතාන්‍යයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල තොගයක් යුරෝ මිලියන ගණනක මුදලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය පසුගිය වසරේ අනාවරණයක් කළේය.
බි්‍රතාන්‍යයෙන් පමණක් නොව සෙසු යුරෝපීය රටවලින් ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය චීනය, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය ආදී රටවලට බැහැර කිරීම සිදු වුණු නමුත්, මේ වනවිට ඒ රටවලින් එය වළක්වා ඇත. මේවාට මුවාවෙන් බි්‍රතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතිශයින්ම හානිකර බව ශ්‍රී ලංකාවේ පරිසර අධිකාරියේ ප්‍රකාශකයකු පැවසී යැයි ‘ටෙලිග්‍රාෆ්’ පුවත් වෙබ් අඩවිය කියයි.
මිනිස් සිරුරු කොටස් රටින් පිටකිරීම බි්‍රතාන්‍යයේ නීති රීතිවලින් තහනම් කර ඇති නිසා ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ වශයෙන් හඳුන්වා සිරුරු කොටස් රටින් පිට කිරීම විශාල ලාබයක් ගෙන දෙන ජාවාරමක් බවට පත්ව ඇති බව බි්‍රතාන්‍යයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂඥයෝ පවසති.

