කසල ගොඩේ ගින්න පන්තිකාමර දෙකක් අළු කරයි


(පුෂ්පකුමාර ජයරත්න )

පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

එම ගින්නට හසු වීමෙන් ආදර්ශ මහා විද්‍යාලයට අයත් බාලාංශ පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් මෙසේ විනාශයට පත්ව ඇත. 

ආදර්ශ මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක අබලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමකදී එම ගින්න ඒ අසල පිහිටි පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරක් තුළින් පාසල් භූමියට ඇතුළු වී පන්ති කාමර දක්වා ගින්න පැතිර ගොස් ඇති බව කියයි.

පසුව කුරුණෑගල මහ නගර සභාවේ සහායද ලබාගෙන කුරුණෑගල පොලීසියේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට හැකි වීමෙන් සිදු වීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇත.