කසල අංගනයට විරෝධයක්


(ධම්මික ගුණවර්ධන)

කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් මහනුවර, දිගන අලුත්වත්ත ප්‍රදේශයේ  පවත්වාගෙන යන කසළ අංගනය හේතුවෙන්  හුස්ම ගැනීමේ හා ජීවත්වීමේ අයිතියද අහිමිකර ඇතැයි පවසමින් අලුත්වත්ත ප්‍රදේශයේ ජනතාව එම කසළ අංගනය ඉඳිරිපිටදී අද 22 දා උදෑසන විරෝධතාවයක නිරතවූහ.

රජවැල්ල, අලුත්වත්ත, පොල් අක්කර 30 ආදී ප්‍රදේශවල ජනතාව අලුත්වත්ත ගඟපිටිය මංසංධියේ සිට විරෝධතා පා ගමනකින් පැමිණ මෙසේ විරෝධතාවයේ නිරත වුහ.

කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් ඝණ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ආ එම ස්ථානයට මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය මෙන්ම ගලි අපද්‍රව්‍යද බැහැර කිරීමට පටන් ගැනීම හේතුවෙන් අධික දුර්ගන්ධය, මැසි මඳුරු උදුර හා එම ගලි අපද්‍රව්‍ය අසල වික්ටෝරියා ජලාශයට ගලා යෑම හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු රැසක් උද්ගතවෙමින් ඇතැයිද එහිදී ජනතාව චෝදනා කළහ.