කසක්ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගනුවර වන නුර්-සුල්තාන් සහ දෙවැනියට විශාලම නගරය වන අල්මාටි වසා දැමීමට බලධාරීහු තීරණය කළහ.
ඒ අනුව අප්‍රේල් පස් වනදා දක්වා මෙම නගර වසාදැමෙනු ඇත.
කසකස්ථානය පුරා බොහෝ වෙළඳසැල්, කර්මාන්තශාලා සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද නියෝග කෙරිණ.
නුර්-සුල්තාන් නගරයේ ජනතාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටවීම ද තහනම් කර ඇත.
කසකස්ථානයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 124ක් වාර්තා වී තිබේ.
මියගිය ගණන 1කි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

