(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් සියලු මැති සභා රැස්වීම්වලට පසුගිය කාලයේ සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පමණකැයි එම මන්ත්‍රීවරුන්ගේ කාර්ය සාධනය නිරන්තරෙන් විමර්ශනයට ලක්කරන මන්ත්‍රී .ඩොට්.එල්.කේ වෙබ් අඩවිය පවසයි
එම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට මැති සබයට ඒ කාලසීමාවේදි සෑම දිනකම පැමිණ ඇති මන්ත්‍රීවරුන් 14 දෙනා වන්නේ මුජිබර් රහුමාන් ,චමින්ද විජේසිරි,ගයන්ත කරුණාතිලක ,ලක්ෂ්මන් කිරිඇල්ල ,ගයාෂාන් නවනන්දන ,හේශා විතානගේ ,ජගත් කුමාර ,මහින්ද යාපා අබේවර්ධන ,සාගර කාරියවසම් ,ශාන්ත බණ්ඩාර ,සුදත් මංජුල ,මධුර විතානගේ ,උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ යදාමනී ගුණවර්ධනය.
ඔවුන් 2020 අගෝස්තු මස සිට 2021 මාර්තු මස දක්වාවු කාලයේදි පැවැත්වුණු මැති සභා රැස්වීම්වලට මෙසේ එක දිගටම සහභාගී වී ඇත.
පැමිණීම සියයට සියයක් වාර්තා කළ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ආණ්ඩු පක්ෂයේ අය වෙති . එම සංඛ්‍යාව නවයකි .
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇති පැමිණීමේ දත්ත පදනම් කරගෙන මෙම විශ්ලේෂණය කර ඇතැයි සඳහන් වේ.

