(සුමිත් පොතුපිටිය)
කඩු පොලු රැගත් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු පස්දෙනකු තුවාල ලබා ඇති බවට ලද පැමිණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ
මෙසේ තුවාල ලබා ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ තිදෙනකු සහ විත්ති පාර්ශවයේ දෙදෙනකු බවද සදහන් වේ.
තුවාල ලැබූ සිව්දෙනකු රෝහල් ගතකර ඇති බවත් , හිටපු සභාපති වරයා ඇතුළු දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පහරකැමට ලක්වූ හිටපු සභාපතිවරයා ඇතුළු තිදෙනකු ගේ තත්ත්වය බරපතළ බවද සදහන් වේ.
පහරකැමට ලක්වූ හිටපු සභාපති වරයාගේ සොහොයුරියක කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.
හිටපු සභාපති වරයාගේ වාද්දුව , මොල්ලිගොඩ පිහිටි නිවසේ දී ආරවුල සිදුව ඇති බවත් , පහරදීමට පැමිණි අයවලුන් දුටුව හොත් හදුනාගත හැකි බවත් පැමිණිලිකාරිය සදහන් කර තිබේ.
පහරදීම සදහා යොදාගත් කඩු දෙකක්ද පොලිසිය සොයාගෙන ඇති බවත්, පහරදීමට පැමිණි පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් සදහන් වේ.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති.

