
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජල මට්ටම අද දහවල් 12.00 වන විට අක්කර අඩි 85123ක් දක්වා ඉහළ ගොස් වාරිමාර්ග නිලධාරිහු පවසති. එය ජලාශයේ සමස්ථ ධාරිතාවයෙන් 100.78 % ක ප්‍රතිශතයකි.
දඹුළු ඔය ඇතුළු ජල මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරට ඝන අඩි 4102 ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවති.
කලාවැව හදිසි වාන් දොරටු දෙකද මේ වනවිට අඩි 03ක් දක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම හදිසි වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 3064ක ජල ප්‍රමණයක් කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙමින් තිබේ.
කලාවැව හදිසි වාන් දොරටු වීවෘතකර තිබීම හේතුවෙන් මේ වනවිට කලාවැව අවුකන මාර්ගයේ අවුකන පාලම හා හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ගයේ හඳුන්ගමුව පාලම ජලයෙන් යටවී එම මාර්ග වල ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.


