කල්මුනේ අගුලු අරී - මැල්කොනියට, පල්ලියකොටුවට, ගල්හින්නට අගුලු


කල්මුණේ උතුර සහ දකුණු ග්‍රාම නිලධාරි කොට්ඨාසවල තෝරාගත් පෙදෙස්වල අද(25) උදෑසන 6.00 සිට හුදකලා බව ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේම, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැල්කොණිය ගම්මානය, පූජාපිටිය කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කරන බවද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.