(රන්ජන් කස්තුරි)
රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශවල මහරෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් එකිනෙකට ආසන්නයේ පිහිටා ඇතත් ඇතැම් ප්‍රදේශවල සැතපුම් ගණනාවකට එක් රෝහලක් හෝ පිහිටා නැතැයිද එම වාර්තා සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ප්‍රදේශයේ පමණක් මූලික රෝහල් 6ක් පිහිටා තිබෙන අතර මුළු මාතර දිස්ත්‍රික්කයට පිහිටා ඇත්තේ මූලික රෝහල් දෙකක් පමණි.
කල්මුනේ ප්‍රදේශයට අයත් කලවංචිකුඩි, කල්මුණේ උතුර, කල්මුණේ දකුණ, සමන්තුරෙයි, අක්කරපත්තු සහ නින්දවූර් යන ප්‍රදේශවල මූලික රෝහල් ස්ථාපිත කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටියේ පමණක් දැනට මූලික රෝහලක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට දෙණියායේ මූලික රෝහලක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි.
රෝගියෙකුට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ජනගහනයේ සමානුපාතික බව ආදී නිර්නායක සලකා බැලීමේදී මාතර දිස්ත්‍රික්කයට රෝහල් ස්ථාපිත වීම අතින් කාලයක සිටම සෞඛ්‍ය බලධාරීන් අඩු සැලකිල්ලක් දක්වා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව පෙනී යයි.

