(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සියලුම නිළධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයේ අනෙක් පොලිස්ථාන වෙත මාරුකර යැවිමට පොලිස්පතිවරයාගේ නියෝග මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව කල්පිටිය පොලිස්ථානයේ රාජකාරි කල නිළධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ද අනෙක් නිළධාරීන් 15 දෙනෙකු ජූනි 10 දින සිට සිට ක්‍රියාත්මක වන පරිදි ද මාරු කර යැවිමට පොලිස්පති නියෝගය අනුව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් තර ඇති 2022.12 14 දිනැති අංක 2310/29 දරණ කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 258 (11) වගන්තිව ප්‍රකාරව කල්පිටිය පොලිස්ථානාධිපතිවරයා හැර සියලුම නිළධාරීන් මෙලෙස පුත්තලම පොලිස් කොට්ඨාසය වෙත මාරු කර යැවිමට කටයුතු කර ඇති බව කියයි.
මෙයට අමතරව නොරෝච්චෝල පොලිස්ථානයේ සේවය කරන නිළධාරීන් 8 දෙනෙකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයට මාරු කර යැවිමට කටයුතු කර ඇති බව කියයි.

