කල්පිටියේ මාලු මිලදීගන්න පිට පළාත්වල වෙළඳුන්ට එන්න බැහැ


( පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය අර්ධදීපයේ සාගරය හා කළපු ආශ්‍රිතව නෙලා ගන්නා මත්ස්‍ය සම්පත,මිළදී ගැනීම , පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකය්න්ට පමණක් වන පරිදී සීමා කර ඇතැයි පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු,දිවයිනේ වෙනත් ප්‍රදේශවල වෙළදුන්ට මසුන් මිළට ගැනීමට කල්පිටියට පැමිනීම තහනම් කර ඇතැයි,ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

මීට පෙර කල්පිටිය අනුරාධපුරය,කලුතර,ජාඇල,කොළඹ ආදී ප්‍රදේශවලින් ලොරි රථ 40 ක් පමණ පැමිණ ඇත.

කල්පිටියේ ව්‍යාපාරිකයින් ද,තම රථයේ රියදුරු සහ සහායකයාගේ පදිංචිය සහ අනන්‍යතාව පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී හරහා තහවුරු කර ගත යුතුය. එම ග්‍රාම නිළධාරි නිර්දේශය මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවෙන් අවසර පතක් නිකුත් කෙරේ.

එම අවසරපත නොමැති අයවලුන්ට,තම රථ මගින් මසුන් ප්‍රවාහනය කළ නොහැක.