(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, පල්ලිවාසල්තුරේ පෙරිය සන්ධි ග්‍රාමයේ පිහිටි, ජුසේ වාස් රෝමාණු කතෝලික දේවස්ථානයේ අද(27) ගින්නක් හටගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
එහි තැන්පත් කර තිබූ,වටිනා දැව කරත්තයක්, වතුර පොම්පයක්,කොඩි රැසක් ඇතුළු ද්‍රව්‍ය රැසක් මෙම ගින්නෙන් විනාශ වී ඇත.
පල්ලිය දෙසින් යමක් පිපිරෙන ශබ්දයක් ඇසී විමසන විට ගබඩා කාමරය ගිනි ගනිමින් තිබූ බව අසල්වැසියෙකු වූ ජේ. ඒ. ඩී. ශ්‍රීමාල් මහතා පැවසීය. පසුව දේවස්ථානයේ සීනුව නාද කොට,පිරිස රැස්කර ගින්න නිවාදමා ඇත.
දේවස්ථානයේ භාරකරුවන් වූ ජූඩ් නිලන්ත සහ උපාලි ඇන්තනි යන අය පැවසුවේ,ගින්නෙන් සිදු වූ පාඩුව ලක්ෂ තුනකට අධික බව ය.
ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
පුත්තලම අපරාධ කොට්ඨාසයේ ස්ථානීය පරීක්ෂණ ඒකකය ද පැමිණ පරීක්ෂණයක් අරඹා ඇත.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





