(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ඒත්තාල කොළණියේ ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේලන්කන්නී මාතා දේව ප්‍රතිමාව සහිත කුටීරයේ විදුරු බිද දමා,එම ප්‍රතිමා පොළවේ ගසා සුණු විසුණු කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
වීදුරුවක් බිද වැටෙන ශබ්දයක් ඇසී අසල්වාසී නිවැසියන් සොයා බැලීමේදී සුරුවම් කඩා දමා තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.
කිසියම් පුද්ගලයකු සොරුවම ඔසවා පොළවේ ගසනු තමන් දුටු බවත් එම නිවැසියන් පොලිසියට පවසා ඇත.
සිද්ධිය සැළ වූ වහාම එම ස්ථානයට තලවිල මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පොලිසියට දැනුම් දී ඇත.
සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රදේශයේ තරුණයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.






