කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග


හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය.

කොටි සංවිධානයේ නායකයකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 2000-3000ක් අතර පිරිසක් කිලිනොච්චියේදී ඝාතනය කළ බවට ඒ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.