කරන්දෙණිය කොහිලවගුරු කඳවුරේ අවියක් අස්ථාන ගත වේ


(එම්.සුසිල් පියන්ත)

ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිලවගුර යුද හමුදා කදවුරෙ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් අස්ථානගත වී ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව කරන්දෙණිය පොලීසිය කියයි.

කරන්දෙණිය ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා යුද හමුදා කදවුරෙහි දෙක ලුතිතන් දිනිති උදාරා මලලගේ මහතා මේ සම්බන්ධයෙන් පැම්ණිලි කළ බව ද පොලීසිය කියයි.

2023 ඔක්තෝම්බර මස 06 වන දින තමන් කදවුරේ රාජකාරි බාර නිළධාරියා වශයෙන් රාජකාරි නිරතව සිටි බවත්, එදින යුද හමුදා කදවුරේ අවි ගබඩා පාලක ලෙස රාජකාරි කරනු ලබන හමුදා නිළධාරියා මේ ගිනි අවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණිලි කර බව ද පොලීසිය කියයි.