කම්කරු අයිතීන් රකින්න අලුත් පනතක්


(සුජිත් හේවාජුලිගේ )

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත්  ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.