( ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ )
බන්ධනාගාරයේ සිටින පාතාල නායකයෙකු බව පවසා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ගැනිමට තැත්කළ දෙදෙනෙකු මිටියාගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිවසේ දුර කතනයට කතාකල පුද්ගලයෙකු තමා දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින පාතාල නායකයෙකු බවත් රුපියල් ලක්ෂයක කප්පමක් අවශ්‍ය බවත් පවසා කප්පම සූදානම්කරගෙන දන්වන ලෙසට ජංගම දුරකතන අංකයකද ලබා දි ඇත.
පසුව හමුදා නිලධාරියා ඒ බව පොලිසියට දන්වා කප්පම් මුදල රැගෙන ඔවුන් කියන ලද විහාරස්ථානය අසලට ගිය අවස්ථාවේ රාත්‍රි හතයි විස්සට පමණ ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු කප්පම ගන්නා අවස්ථාවේදිම ත්‍රි රෝද රථයේ රියදුරුද සමග අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනො අවුරුදු 24 සහ2 5 වයස්හි පසුවන අතර ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.