කන්න බැරි හාල් කිලෝ 3325ක් වනසයි


(දයාරත්න ඇඹෝගම)

කැකිරාව,තිබ්බටුවැව සහල් මෝලක තිබියදි අත්අඩංගුවට ගනු ලැබු භාරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ 3325 ක් අධිකරණයේ නියෝගයක් මත කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කර දැමු බව භාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක තිබු කිලෝ විසිපහ බැගින් ඇසුරුම් කළ සම්බා සහල් මලු 133 ක් පසු ගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සහල් තොගය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද අතර එහිදි තීරණයවි ඇත්තේ මෙම සහල් භාරිභෝජනයට සුදුසු නොවන බවයි.

ඒ අනුව එම සහල් තොගය කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කොට තිබුණි.