කන්දට යටවූ හතර දෙනා අදත් සොයා ගන්න බෑ


(රෝහණ සමරවීර, සමිපත් ප්‍රියනන්දන, ලසන්ත නිරෝෂණ පෙරේරා, සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ  ගවරංහේන ග්‍රාම සේවා වසමෙිි වැහින්තැන්න ප්‍රදේශයේ නාය යැමට ලක්වු ස්ථානයට ආසන්නයේ ඇති නිවාස පහක පදිංචි පවුල් හයකට අයත් සාමාජිකයන් 25 දෙනෙකු ඉන් ඉවත්කර තාවකාලිකව ඥාති නිවස්වල රදවා තැබිම කටයුතු කර ඇතැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා  පැවැසිය.

එලෙස ඥාති නිවස්වල තාවකාලිකව රඳවා ඇති සමාජිකයින අතර පාසල් යන දරැවන්ද කිහිප දෙනෙකු සිටින බව ඒ මහතා කිය.

එම ජනතාවට අවශ්‍ය වියළි ආහාර බෙදා දිම සදහා බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන බව හේමන්ත බණ්ඩාර මහතා කිය. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හගරන්ගල බබරගල කන්දේ තවත් කොටසක් පෙරේදා 13 රාත්‍රි නාය ගොස් තිබේ.

එසේ නාය ගොස් ඇත්තේ බබරගල කන්ද මුදුනේ කොටසකි. එම කොටස කදු පාමුලට රූටා නොගොස් අතර මග නැවති තිබේ .

කන්ද නාය යාම නිසා යටවී අතුරුදහ් එකම පවුලේ සිව් දෙනාගේ සිරූරු සෙවිමට දුෂ්කරතා ඇති වි තිබෙන ද ඊයේ 14 උදැසන සිට සිරුරු සෙව්මේ කටයුතු යළ ආරම්භ කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.

බඹරගල කන්ද නායයෑම ගැන පරික්ෂා කිරිමට ගොඩනැගිලී හා පර්‍යේෂණ ආයතනයේ නිළධාරිහු පිරිසක් ඊයේ 14 වනදා පැමිණියහ.

පසුගිය 12 වැනි දා කන්ද නාය යාමෙන් යටවූ එකම පවුලේ සිව් දෙනා සිටි නිවස සම්පූර්ණයෙන්ම  යටවි ඇති අතර එම ස්ථාණයේ තිඹි ජංගම දුරකථනයක් හමුවි තිබේ. මියගිය අයකුගේ පාදයක කොටසක් මතු වූ බව ද සහන කණ්ඩායම් කියයි. නාය යාමට සම්පූර්ණයෙන්ම අසුව ඇති නිවෙස තිබූ ස්ථානය විශාල ප්‍රමාණයේ කළු ගලක් ඇති බවත් මළ සිරුරු සෙවීම පහසු නොවන බවද යුද හමුදා සහන කණ්ඩායම් පවසති.