
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කන්දකුලියේ පදිංචි ඉන්දීය හොර ජාවාරමුන් හා සම්බන්ධතා ඇති බවට සැක සහිත පුද්ගලයින් 5 දෙනෙකු අද (26) දින හලාවත රෝහලේ පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකර, ස්වයං නිරෝධායනයට යොමු කළ බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.
මෙම සැකකරුවන් පසු ගිය 22 දින කල්පිටිය කප්පලඩිය වෙරළ තීරයේ දී පොලිස් අත් අඩංගුවට පත් ඉන්දීය බීඩී කොළ තොගය රැගෙන ආ ජාවාරම්කරුවන් හා සබඳතා පවත්වා ඇති බවට පොලිසිය සැක කරයි.
කන්ද කුලියඊච්චාන්කාඩුව ධීවරගම්ම්මානය පදිංචි වයස අවුරුදු 28 සිට අවුරුදු 45 අතර අයවලුන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.



