(නිශාන්ත කුමාර)
ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හතරදෙනා සමග පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්ව ජනබලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.

