
( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත ව නිර්මාණය වු කොව්ඩ් -19 ආසාදිතයින්ගේ සමීපතමයන් 8200දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කන්දකාඩු ආසාදිතයන් පොකුර මේවන විට සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට රජයට හැකිවු බවද ඇමතිණිය කීවාය.
මෙරට පුද්ගලයින් 150,000ක් පමණ පෙරේදා 25 වනදා වනවිට පී.සී.ආර් පරික්ෂණවලට ලක් කර තිබෙන බවද කී වන්නිආරච්චි මහත්මිය ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කැපවීමෙන් කොරොනා තත්ත්වය ගැන රජය නිරන්තරව අවධානයෙන් සිටිමින් තීරණ ගනු ලබන බවද පැවසුවාය.
අගෝස්තු මස පළමුවැනිදා සිට පෙර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන ඇමතිවරයාගේද එකඟතාවය කැබිනට් මණ්ඩලයේදි ලැබුණු බවද වන්නිආරච්චි මහත්මිය පැල්මඩුල්ලේ දි පැවසුවාය.

