කන්තලේ වැවක වාන කැඩේ


(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ , සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.

පිටවානෙන් පිට කරන ජල කඳෙන් කුඹුරු අක්කර 300ක් ජලයෙන් යට වී ඇති බවද ගොවීහු පෙන්වා දෙති.

මෙම වැව අයත් ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක් සහකාර කොමසාරිස් එන්. විෂ්ණුදාසන් මහතා පැවසුවේ පිටවාන මීටර් 100ක් දිගින් යුක්ත වන අතර ඉන් කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බවයි.