
(අමදෝරැ අමරජීව, උපාලි මනුසංක හා මලිත් රාජපක්ෂ )
කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා ගැනීමේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ඩී.එම්. තාරක සඳරුවන් සම්පත් මහතා සභාපතිවරයා ලෙස තේරීපත්වූ සභාවේ ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් උප සභාපතිවරයකු තෝරා ගැනීම දින නියමයක් නැතිව කල් ගියේය.
උප සභාපති තනතුරට නම් දෙකක් යෝජනා වීම නිසා උප සභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක යන බවට තීරණය කිරීමත් සමග ඊට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනකු සභා ගර්භයෙන් පිටව යෑම නිසා උප සභාපතිවරයෙකු තෝරා ගැනීමට ඝණ පූර්ණයක් නොමැතිවීමෙන් සභාව දින නියමයක් නොමැතිව කල්තැබීමට අභිනව සභාපතිවරයාට සිදුවිය.

