(තිළිණි ද සිල්වා)
හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ජර්මනියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට එරෙහිව ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීමේ යටතේ එරට අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස නඩු චෝදනා ගොනු කර ඇත්තේ නවනීදන් නැමැත්තාට එරෙහිවය.මොහු 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
පසුගිය ජනවාරි මාසයේදී පර්මන් පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
2002 වසරේ සිට 2009 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි ඒකකයට සම්බන්ධ වී කටයුතු කර ඇති මෙම සැකකරු 2005 වසරේ සිදු වූ ලක්ෂ්මන් කදිරගාමර් හිටපු අමාත්‍යවරයාගේ ඝාතනයට සම්බන්ධ අයෙකු බවට ජර්මානු ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම චෝදනා ගොනු කර ඇත.

