කදානේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි


(ගයාන් සූරියආරච්චි) 

කඳාන පොදු වෙළඳසැල අසලදී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවිර මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු  වශයෙන් කටයුතු කළ  සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට කළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මනහර මහතාගේ මස්සිනා මියගොස් තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබූ අතර මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (8 ) දින දහවල් කාලයේදී කඳාන රූපමුල්ල හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.