කතුන් රවට මුදල් ගැරූ නයිජීරියානුවෝ කොටු


(ඉන්දිකා රාමනායක)

වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ. නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම වංචාව සිදු කර ඇති බවත්, තවත් කාන්තාවකට මෝටර් රථයක් දිනුම් ඇදී ඇති බවට පවසමින්, රථයේ ලිය කියවිල භාරදීමට අවශ්‍ය බව පවසා මුදල් වංචා කර ඇති බවද පොලිසිය කියයි.

අවස්ථා තුනකදී මෙම වංචාව සිදු කර ඇත.

කාන්තාවන් මේ සම්බන්ධයෙන්ම කළ පැමිණිලි මත විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ ඒ.ටී.එම් කාඩ්පත් 14, ජංගම දුරකථන 6 තිබී ඇත.