
(සුජිත් හේවාජුලිගේ)
කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස් කර අවසන් වී ඇත,
මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ලබන 21 වැනිදා ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු පසු එම සතියේදීම මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම අරඹන බව ද ඔහු සඳහන් කළේය.
අනතුරුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

