
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව කතළුව විහාරස්ථානයක ස්වයං නිරෝධායනට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව අද (09) නිකුත්වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
විහාරාධිපති හිමියන් ඇතුළු සෙසු හිමිවරුන් 16 දෙනා ඉකුත් 06 දින සිට කතළුවේ තම විහාරස්ථානයේදි ස්වයං නිරෝධායනට ලක්කර ඇත්තේ මෙහි එක් හිමි නමක් දිවුලපිටියේ තම ඥාතිවරයෙකුගේ නිවසට ඉකුත් දින වැඩමවා තිබූ අවස්ථාවක කොරෝනා ආසාදිතයන් රැසක් මේ වනවිට වාර්තා වී ඇති මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලවේ සේවිකාවක්ද එම නිවසට පැමිණ ඇති බව හෙලිවී තිබීමෙනි.
මෙම හිමිවරුන්ගේ පී.සී.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරසවේද රසායනාගාරයේදී සිදුකළ බවද වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.

