(එම්. කේ. නන්දසේන)
ඉකුත් ජනවාරි මාසයට අදාල වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කතරගම බස් ඩිපෝවෙි රියදුරු, කොන්දොස්තරවරුන් ඇතුළු සේවකයින් ඊයේ (15) අළුයම කාලයේ සිට ආරම්භ කල වැඩ වර්ජනය එදිනම හැන්දෑ කාලයේ අවසන් කල බව සේවකයෝ පවසති.
ඔවුනට අදාල හිඟ වැටුප් මුදල කතරගම ඩිපෝවෙි ගිණුමට අමාත්‍යංශය විසින් බැරකොට ඇති බව පෙන්වා දීමෙන් අනතුරුව මෙම වර්ජනය අත්හිටුවූ බව සේවකයෝ පැවසූහ.
එහෙත් ඩිපෝවෙි බස්රථ වලට අවශ්‍ය ටයර්, බැටරි, දුනුකොළ, ඇතුළු අමතර කොටස් උග්‍ර හිඟයක් පැවතීම, තත්වයෙන් බාල අමතර කොටස් ගෙනවිත් ඔරිජිනල් භාණ්ඩ වලට අදාල බිල් සකස් කිරීම මෙි හේතුන් නිසා බස් රථ නිරන්තරයෙන් අක්‍රීයවී ගමන් වාර අත්හිටුවීම, ඇතුළු අකටයුතු රාශියක් හේතුවෙන් වැඩිම ආදායමක් ඉපයූ කතරගම බස්ඩිපෝවේ ආදායම වසර කීපයක් තිස්සේ පහත වැටීම හේතුකොටගෙන ලබන මාසයේ සිට වැටුප් ගෙවීම ට නොහැකි වීමෙන් වැඩ වර්ජන රැල්ලක් ඇතිවිය හැකි බව ඩිපෝවේ වෘත්තිය සමිති අනාවරණය කරයි.

