කතරගම -බුත්තල මාර්ගය අවහිරකර උද්ඝොෂණයක්


(එම්. කේ.නන්දසේන)

   බුත්තල කතරගම මාර්ගයේ කෝන්කැටිය ග්‍රාම නිලධාරි වසමේ වල් අලියෙකු පහර දීමකින් කාන්තාවක් මිය යෑමට විරෝධය දැක්වීමක් ලෙස ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කෝන් කැටිය සීමාවේ කතරගම-බුත්තල මාර්ගය වසා අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

දිනපතාම මිනිස් ජීවිත වලට සහ දේපළවලට වන අලින් කෙතරම් හානි සිදු කලද වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශ ස්ථිර විසඳුමක් ලබා නොදෙන බැවින් මෙලෙස මාර්ගය වසා උද්ඝෝෂණය සිදු කරන බව ප්‍රදේශවාසීන් පැවසූහ.

 දුර බැහැර ප්‍රදේශයන්හි සිට කතරගම වන්දනාවේ පැමිණෙමින් සිටී වාහන විශාල සංඛ්‍යාවක් සහ කතරගම සිට බුත්තල මොණරාගල දෙසට යන තවත් වාහන විශාල සංඛ්‍යාවක්  මාර්ගයේ දෙකොනෙහි පෝලිම් ගැසී සිටින අයුරුද දක්නට ලැබිණ.

 එම ස්ථානයට ප්‍රදේශය බාර  සහකාර පොලිස් අධිකාරිවරයා  සහ ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව සමග සාකච්ඡා කොට දැඩි පරිශ්‍රමයක් දරා මෙම උද්ඝෝෂණය අවසන් කළහ.