(පාලිත ආරියංශ)
බදුල්ල අසේලපුර පදිංචි කාන්තාවක් ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව අද (12) උදෑසන බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
ඇගේ නිවසේ ඇයත් සැමියාත් දරුවාත් ජීවත් වන අතර දරුවා පාසල් යෑමට සැමියා රැගෙන ගිය අවස්ථාවේ පුද්ගලයකු පැමිණ මේ අපරාධය කර ඇතැයි විමර්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අපරාධය කර ඇත්තේ මෙම නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා අත් වැඩකට පැමිණි බදුල්ල බදුළුසිරිගම පදිංචිකරුවකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පාසලට ළමයා ඇරලවීමෙන් පසුව උදෑසන 8.00ට පමණ සැමියා නිවසට පැමිණි විට කාන්තාවගේ දෑත් දෙපා බැඳ ගෙල කපා ඇති බව දැක ඇය බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

