(කාංචන කුමාර ආරියදාස )
ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව තවත් වෙඩිවැදීමක් සිදු වු අලියෙකු කණ්ඩලම වැවි ඉස්මත්තේ සිටින අයුරු මේ දිනවල දැකිය හැකියි.
එම අලියාගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති බව දකින්නට ලැබෙන බව ප්‍රදේශවාසී පිරිස්ද පවසති.
මීට මාස කිහිපයක සිට කණ්ඩල මේ හැඩකාරයා නම් වූ අලියාගේ ඉදිරිපාදයකට වෙඩි වැදී ආහාර ගැනීමට පවා නොහැකිව සිටිය දී ප්‍ර දේශවාසීන් දිනපතාම එම අලියාට ආහාර රැගෙන ගොස් දුන් අයුරු අපට දැකිය හැකි විය.
මෙම වන අලියාට මෙතෙක් ප්‍රතිකාරයක් සිදුකර නොමැත. අවස්ථා ගණනාවකදී කණ්ඩලමේ හැඩකාරයාට ප්‍රතිකාර කළ බව සීගිරිය වනජීවී නිලධාරීහු පෙන්වා දෙන අතර මෙම වන අලියා ඊයේ (01 ) පස්වරුවේ අහම්බෙන් අපට දැකගැනීමට හැකි විය
මෙම අලියාද වෙඩි වැදී මේ ආකාරයෙන් තැන තැන ප්‍රතිකාර ඉල්ලමින් ඇවිදීම සිදුකරන අතර තවත් වන අලි කිහිප දෙනෙකු එම වන අලියාට රැකවරණය දීමද සිදු කරනු අයුරු පෙනේ.