කඩුවෙල ඝාතනයට තුනක් සැකපිට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල වැව පාරේ තිබී හමුවූ හමුවූ මල සිරුරේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි

ඝාතනයට ලක්ව තිබුනේ ගොතටුව ලිඳ හෙන ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු චාමර මධුශංක 29 යන අයයි එම ඝාතනය සඳහා යොදාගත් හොකි පිත්තක් පොල්ලක් සහ වයර් එකක්  පොලිස් භාරයට ගෙන ඇත

ඉකුත් 31 වෙනි දින  ඝාතනයට ලක්වූ පුද්ගලයා කොළොන්නාව ප්‍රදේශයේ දී තී රෝද රථයට නංවාගෙන මෙගොඩ කොලොන්නාව නිවසකට රැගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවාගෙන පහරදී මිය යාමෙන් අනතුරුව මෙලෙස කඩුවෙල ට මළ සිරුර  ගෙනත් දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුවන් වසරකට පමණ පෙර මිය ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයන් බව පොලිසිය කියයි

එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බලකායට අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තු  දුන්නා යැයි දුන්නා යැයි බියක් මුල්කරගෙන  මෙම ඝාතනය සිදුවී ඇත