කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු දැලේ


ඉන්දිකා රාමනායක.

කොම්පඤ්ඤවීදිය  ප්‍රදේශයේ  මුස්ලිම් පල්ලියක තියුණු කඩු  47 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී  අද  (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු සමග ඔහුගේ ඥාති පුතෙක් ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.