කඩ කාමර නිවාස පෙන්නා කෝටි දෙකකට විද්ද සැකකරු මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි )

පෑලියගොඩ වෙළඳ සංකීර්ණය කඩ  කාමරයක්  සහ කොම්පඤ්ඤවීදියේ අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසමින් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු පනස් පහක කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර  පරීක්ෂණ සිදු කරයි.