(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කටුපොත පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අද (29) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් සහ යුද හමුදාව පමණක් පරිහරණය කරන සපත්තු කුට්ටමක් කටුපොත අලහිටියාව ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් සුඛෝපභෝගී නිවසක් තුළ තිබී සොයාගෙන තිබේ.
අක්කර 25 ක පමණ වත්තක් මැද පිහිටි මෙම නිවස පිළිබඳව ආරක්ෂක අංශ වලට පැමිණිලි ගණනාවක් ලැබී තිබිණ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී නිවස හිමිකරුවන් කිසිවෙකුත් එහි රැඳී නොසිටි අතර සේවකයින් තිදෙනෙකුගෙන් ලත් තොරතුරු අනුව භාණ්ඩ අත්අත්අඩංගුවට ගෙන ඇත.

