කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට නව ප්‍රවේශ මාර්ගයක්


(ඩයනා උදයංගනී )
 
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිවිසීම සඳහා නව මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 

කාර්යබහුල අවස්ථාවලදී පැමිණෙන හා පිටවන විශාල මගීන් ප්‍රමාණය හේතුවෙන් එහි ප්‍රවේ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවන බැවින් මෙම පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
 
මිනුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මතීරු මාර්ග දෙකක් මෙහිදී ඉදිකිරීමට නියමිතය

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.