(මොහොමඩ් ආසික්)
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දීර්ඝ කාලයකට පසුව අද (05) දිනයේ එළවළු වැඩියෙන් ලැබී , මිළද යම් මට්ටමකට අඩු වී ඇතැයි වෙළඳසංගමය පවසයි.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ එක්සත් තොග වෙළඳ සංගමයේ සභාපති ඩී.එන්.සිල්වා මහතා සඳහන් කළේ, අද දීර්ඝ කාලයකට පසුව එළවළු වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මිළද යම් මට්ටමකට අඩු වී ඇති බවයි.
එසේ වුවත් ගෑස් නොමැති වීම නිසා හෝටල් වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති නිසා හෝ ආහර පිසීම නවතා දමා තිබීම නිසා සහ නිවෙස්වලද ගෑස් නොමැති වීම නිසා එළවළු අලෙවිය ඉතාමත් අඩු මට්ටමක පවතින බවද ඔහු කීවේය.
ඉදිරි මාස දෙක තුන තුළ පොහොර ප්‍රශ්නය විසඳුවොත් එළවළුලින් ගැටළුවක් ඇති නොවන බවද සභාපතිවරයා කීය.