කටාරයේ රාස් ලෆාන් කාර්මික නගරයට ප්‍රහාර


කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානය වන රාස් ලෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරවලින්,  රාස් ලෆාන් කාර්මික නගරයට දරුණු ලෙස හානි සිදුවිය. ප්‍රහාරයත් සමග ගින්නක් ද හට ගැණුනි.

ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත. ගන්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි. ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස හෙළාදැක ඇතැයි ද පැවැසෙයි. 

ලොව විශාලතම එල්.එන්.ජී. ගෑස් නිෂ්පාදකයා වන කටාර් එනර්ජි ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, රාස් ලෆාන් පරිශ්‍රයේ සිටි සියලුම සේවකයන් ආරක්ෂිත බවය.