(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර රංගල එළුගොල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් 32 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය කියයි.
ගිනි අවි රැගත් නාඳුනන පිරිසක් මියගිය අයගේ නිවෙසට අද අලුයම පැමිණ දොරකඩා නිවෙසට ඇතුල්ව මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මීට හේතුවී ඇත්දැයි පොලිසිය පරික්ෂණ සිදු කරයි.

