(ඩී.කේ.රත්න)
වැල්ලවාය බලහරුව අඹකොළආර ප‍්‍රදේශයේ පතෝල වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු කංසා පැළ 11,665ක් සමඟ අද (25) අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය පවසයි.
වැල්ලවාය බලහරුව ඌව කුඩාඔය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු කංසා පැළ සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පතෝල වගාවට යටින් පැළ කර තිබූ මෙම කංසා පැළ අඩි පහයි අඟල් තුනක් පමණ උසට සරුවට වැවී තිබූ බව පොලිසිය කියයි.
හම්බෙගමුව පොලීසිය ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බෙගමුව පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

