(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංචිජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (01) පෙරවරුවේ සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
පසුගිය දිනවල කරන ලද සෝදිසි මෙහෙයුමකදිද බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් තුළ තිබි ජංගම දුර කතන සහ හෙරොයින් ද සොයාගෙන ඇත.
මේ වනවිට ජංගම දුරකතන සංඥා විරහිත කිරිමේ උපකරණද බන්ධනාගාරයේ සවි කර ඇත.

