
(ප්‍රසාද් රුක්මල් සහ අංජුල මහීක වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවන් දෙදෙනකු අද (26) පස්වරුවේ දී දෙමෝදර දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමෝදර වෑකඩගල ප්‍රදේශයේ දෙමෝදර නාවුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38, 32 ,වයසේ පසුවෙන කාන්තාවන් දෙදෙනකු යැයි එම කාර්‍යාංශය පැවසීය .
නමුණුකුල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක රැකියාවකට යවන බව පවසා රුපියල් ලක්ෂ 4ක මුදල් කද, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකුගෙන් රුපියල් 4,50000ක්, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 450000ක්, සහ දෙමෝදර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයකුගේ න් රුපියල් ලක්ෂ 5ක මුදල් මෙසේ වංචනික ලෙස ලබා ගෙන ඇති බවට අනාවරණය විනැයි උසස් නිළධාරයෙක් පැවැසිය.
විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ඌව පලාත් කාර්යාලයට ලැබුණු පැමිණිලි මත එහි ජ්‍යෙෂ්ඨ කලමනාකාරිනි එස්.ගාල්ලගේ මහත්මියගේ උපදෙස් මත විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නීති ක්‍රියාත්මක කිරිමේ නිළධාරි එම් .කේ සුමනවිර ,වසන්ත ඒකනායක , මදුශාන් විජේවර්ධන , මාධවි බස්නායක යන නිලධාරීහු දෙමෝදර ප්‍රදේශයට ගොස් මෙම වැටලීම සිදු කළහ.

