ඕෂිනීට සම්මානයක


(සමන්ත යහම්පත්)

ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරිය හා සබරගමුව පළාත් වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ"ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2023" දී සබරගමුව පළාත් මධ්‍ය පරිමාණ ව්‍යපාර කෘෂිකාර්මික අංශය වෙනුවෙන් රිදී කුසලානය හිමිකර ගැනීමට බලංගොඩ මුලික රෝහලේ ලේ බැංකුවේ ස්ථානභාර වෛද්‍ය ඕෂිනී එරංගා සංජීවනී මහත්මිය සමත්වූවාය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ව්‍යවසායකත්ව සම්මානයක් වෛද්‍යවරිය හිමිකර ගැනීම මෙහිදි විශේෂත්වයකි.

ඇය සතුව අක්කර ගණනාවක වැනිලා වගාව ඇතුළු අපනයන භෝග රැසක් වගා කොට ඒවා අපනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර," අපේ කොරටුව" ව්‍යාපෘතියේ නිර්මාත්ෘවරිය ලෙසද ඇය මෙරට සුළු කර්මාන්තකරුවන්ගේ නිර්මාණ වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

"ව්‍යවසායකත්ව අරමුණු හැරුණුවිට ඒ සඳහා රුපියලක්වත් යෙදවීම්ට තරම් වත්කමක් හා වාතාවරණයක් නොමැති පාස්කු ප්‍රහාරය,කොරෝනා වසංගතය, ඉන්ධන අර්බුදය වැනි දරාගත නොහැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ මට නොසැලී ජයග්‍රහණය කරා යාමට උදව් කළ බැංකුවලටත්, දිරිඳුන් සැමටත් මේ සම්මානයේ අයිතිය පුදකරනවා." යැ‍යි වෛද්‍ය ඕෂිනී ලංකාදීපයට පැවසීය.