(ගයාන් සූරිය ආරච්චි)
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
පාතාල නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද, බැකෝ සමන්, පානදුරේ නිලංග, තැඹිලි ලහිරු ඇතුළු පාතාල නායකයන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේ රටට රැගෙන එනු ලැබුවේ රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
මේ වෙන විට එම පාතාල කල්ලි නායකයන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු විමර්ශන සිදු කරමින් සිටිති.

